Tuesday, July 19, 2016

ට්‍රොට්ස්කි

ලියොන් ට්‍රොට්ස්කි






1879 ඔක්තෝම්බර් 26 යැනොව්කාවේදී පහල මධ්‍යම පාන්තික පවුලකට දාව උපත ලැබිය. මොහුගේ පියා සුළු පරිමාණ ගොවියෙක් වූ අතර පසු කාලයකදී විශාල ප්‍රමාණයෙන් එය පවත්වාගෙන යාමට සමත් විය. මේ හේතුවෙන් කිසි කලකත් මුදල් වල අඩුපාඩුවක් මේ පවුලට තිබුනේ නැත. මව නාගරික පාන්තික කාන්තාවක් වූ අතර ඔවුන් යටතේ වැඩ කල සේවකයන් පහත් කොට සැලකිය. කෙසේ නමුත් පවුලේ දියුණුව වෙනුවෙන් මවත් පියාත් බොහෝ වෙහෙස වී වැඩ කළේය. තමාට හෝ අන් අයට හෝ අස්වැසිල්ලක් ලබා නොදුන්නා වූ  වෙහෙසට පත් නොකළ හැකි වූත් කුරිරු වුත් ශ්‍රම වැගිරීමක් මගින්ද සෑම සතයක්ම ගොඩගැසීම මගින්ද ට්‍රොට්ස්කිගේ පියා ලෝකය තුල නැගී සිටියේය.

යැනොව්කාව සිරිත් විරිත් හා අදහස් , ඕනෑ එපාකම් මිරිකා හරිනු ලැබ තිබුනා වුත් , පට්‍රු වුත් අප්‍රකට අගුකොනක පිහිටි ගමක් ලෙස හඳුන්වයි. ට්‍රොට්ස්කි උපන් වසර සාර්වාදයට විරුද්ධව පළමු ඩයිනමයිට් ප්‍රහාරය එල්ල වූ වසර විය. ජනතා අධිෂ්ඨානය නමැති ත්‍රස්තවාදී පක්ෂය 1879 අගෝස්තු 26 ඇලෙක්සැන්ඩර්ට මරණ වරෙන්තුව නිකුත් කළේය. නොවැම්බර් 19 දා සාර්ගේ දුම්රිය පුපුරුවා හැරීමට ප්‍රයත්න දැරිය. 1881 මාර්තු 01 දෙවන ඇලෙක්සැන්ඩර් ඝාතනය කරනු ලැබීමට තුඩු දුන්නා වුත් ඒ හා සමගම ජනතා අධිෂ්ඨානය නමැති පක්ෂය විනාශ කිරීමට හේතු වුත් අරගලය ආරම්භ වෙමින් තිබුණි.

ට්‍රොට්ස්කි කුඩා කාලයේ සිටම ජිවත් වූ වටපිටාව දේශපාලන අස්ථාවරත්වයක් තිබු වට පිටාවක් විය. එමෙන්ම තම ගම තුල වූ වටපිටාවද පිඩාවට පත්වූ ජනතාවකින් සමන්විත විය. ඔහු තම ජිවිත කතාව නමැති ග්‍රන්ථයේ මෙසේ දක්වා ඇත.

' මා තුරුණු වියේ සිටියදී මට ඇසුණු බොහෝ කතා බහ මා දිවි තිබෙන තුරු මගේ මතකයේ රැඳී පවතිනු ඇත. සමහර විට ඒවායින් බොහොමයක් අද සමාජය කෙරෙහි මගේ ආකල්පයේ පදනම දමන්නට ඇත.'

1885 වසර අස්වනු අසාර්ථකවීම් වල , අර්බුදවල හා රුසියාවේ පළමු විශාල පරිමාන කම්කරු ගැටුම්වල වසරක් වුවේය. ට්‍රොට්ස්කිගේ පාසල් අවධියද මේ කාලයේදී ආරම්භ විය. යදිෂ් භාෂාව නොදත් නිසා ඔහුට මිතුරෝ නොසිටියහ. ෂුෆර් නම් ගුරුවරයා ට්‍රොට්ස්කිට කියවීමට හා ලිවීමට ඉගැන්වූයේය. කවි පිටපත් කිරීම , කවි ලිවීමට උනන්දුව මේ හරහා ඇති විය. පසුකලෙක සේනයා සේද සමග එකතු වී සඟරාවක් ද ආරම්භ කරන ලදී. 1888 දී අධ්‍යාපන කටයුතු සඳහා ඔඩෙස්සාවට යවනු ලැබිය. ඥාති සහෝදරයෙකු වූ ශ්පෙන්ත්සර් මගින් ගණිතය හා රුසියානු ව්‍යාකරණ ඇතුළු බොහෝ දේ ඉගෙනගනු ලැබිය. ශ්පෙන්ත්සර් විසින් කුඩා ප්‍රකාශන ආයතනයක් පටන් ගත් අතර පසුව දකුණු රුසියාවේ ප්‍රධානම ප්‍රකාශකයා බවට පත් විය. ට්‍රොට්ස්කිද මේ හරහා අකුරු හැඩ ගැන්වීම , සැකසුම , මුද්‍රණය , පිටු සටහන් කිරීම , සෝදුපත් බැලීම , පොත් බැඳීම ඉගෙන ගත්තේය.

රාජ්‍ය පාසල් වලට යුදෙව්වන් ඇතුලත් කර ගැනීමේ සංඛ්‍යාව 10% දක්වා සිමා කෙරුණු නිතිය මුලින්ම හඳුන්වා දුන්නේ 1887 දීය. ශ්පෙන්ත්සර් විසින් තෝල්ස්තෝයි ගේ ලියවිලි ඇතුළු පොත් විශාල ප්‍රමාණයක් ගෙනාවේය. නුහුරු නුපුරුදු වචනද තේරුම් ගත නොහැකි මිනිස් සබඳතාද යතාර්ථයෙන් සිහින් වෙන් කරන්නා වූ නොපැහැදිලි බව හා අස්ථාවරත්වය වැනි නව බාදකයක්ද  සෑම පොතකම තිබෙනු ට්‍රොට්ස්කිට අවබෝධ විය. මේ කාලයේදී තෝල්ස්තෝයිගේ ' අදුරේ බලය ' පොත් පිළිබඳව මහජන මතය කලබගෑනියකට පත් කරනු ලැබ තිබුණි. ට්‍රොට්ස්කි මුල් වරට නාට්‍යක් බැලීමට ගියේ පාසල් අවධියේ දීය. ඒ යුක්රේනියානු නාට්‍යක් බැලීමටයි. පසුව ඉතාලියානු ඔපෙරාව කෙරෙහි ලැදියාවක් දක්වන්නට විය. නාට්‍ය බැලීමට මුදල් උපයා ගැනීම සඳහා ටියුෂන් දීම පවා ට්‍රොට්ස්කි සිදුකළේය. මහජන මතයේ ඇතිවූ වෙනස්කම් ප්‍රධාන වශයෙන් උත්පාදනය වුයේ නාට්‍ය පිලිබඳ රුචි අරුචිකම් මගිනි. මේ නිසා පුවත්පත් කියවීමටත් එහි සාහිත්‍ය පිටුව කියවීමට වැඩි උනන්දුවක් දැක්විය. ඔහු දෙවැනි ශ්‍රේණියේ ' බිඳුව ' නමින් සඟරාවක් ආරම්භ කළේය.

ට්‍රොට්ස්කි පළමු වරට ගැටුමකට සම්බන්ධ වුයේ දෙවැනි ශ්‍රේණියේ දියි. එයට හේතුව වුයේ වකාර් නමැති අදක්ෂ සිසුවෙකුට ලබා දුන් පහලම ලකුණු හේතුවෙනි. බර්නාන්ද් නම් ගුරුවරයා ජර්මානුවන්ට එරෙහිව සටනක් ගෙන ගිය අතර ඔහුගේ ගොදුර වුයේ වකාර්ය. මිට විරෝදය පාමින් පන්තිය තුල ගුරුවරයාට හූ කීම සඳහා සිසුන් පොළඹවනු ලැබුවේ ට්‍රොට්ස්කිය. මෙයට වැරදි කරු ලෙස කිහිපදෙනෙකු ට්‍රොට්ස්කිව පාවා දුන් අතර ඔහුට පාසලෙන් ඉවත් වීමට පවා සිදු විය. සාර ගේ මරණය සිදු වුයේද මේ අතරමය. පාසලෙන් ඉවත් වී ගමට ගිය පසු වන්ශාධිපතියන්ගේ පරිහානියේ විවිධ මාදිලි හා ධනේශ්වර කොල්ලකෑමේ මාදිලි ට්‍රොට්ස්කි තම ගම තුලින් දිටිය. මිනිස් සබඳතාවන්ගේ බොහෝ අංශ වල ඇති රළු බව එය ඔහුට අනාවරණය කළේය. එක්වරම වඩා දියුණු වුත් වඩා ප්‍රතිවිරෝදී වුත් එම අනෙක් නාගරික සංස්කෘතික මාදිලිය කෙරෙහි වූ ඔහුගේ හැඟීම තිව්ර කළේය. 

පාසල් අවධිය තුලිදී ට්‍රොට්ස්කි දේශපාලන අදහස් දැරුවේ නැත. පවත්නා සමාජ ක්‍රමය පිළිබඳව , අසාධාරණය පිළිබඳව , ආඥා දායකත්වය පිළිබඳව දැඩි වෛරයක් පැවතිනි. එය පැමිණියේ තුන්වන ඇලෙක්සැන්ඩර් ගේ රාජ්‍ය සමයේ පැවතී තත්වය , පොලිසියේ අත්තනෝමතික කම , ඉඩම් හිමියන් විසින් ගෙනයනු ලැබූ සුරාකෑම , නිලධාරින් විසින් අල්ලස් ගනු ලැබීම , ජාතින් සම්බන්ද සිමා කිරීම් , පාසල් හා විදියේ සිදුවූ අසාධාරණකම්, නෙක්‍රසොව්ගේ කවි වලින් හා විවිධාකාර වෙනත් පොත් , මෙන්ම පොදුවේ ගත් කල එකල පැවතී සමස්ත සමාජමය වාතාවරනයෙනි. එම විරෝධතා මනෝභාවය එලෙසම පවත්වා ගෙන යාමට ට්‍රොට්ස්කිගේ මිතුරන් ඔහුව පොළඹවනු ලැබිය. රුසියාවේ පැවති දේශපාලන ක්‍රමය කෙරෙහි යටපත් කරනු ලැබූ පසමිතුරුකම හා සමගින් ඔහුගේ කල්පනා  ලෝකය තුල පිටස්තර ලෝකය පිලිබඳ බටහිර යුරෝපය හා ඇමරිකාව පිලිබඳ පරමාදර්ශී පින්තුරයක් නිර්මාණය කිරීමට පටන් ගත්හ. අධ්‍යන කටයුතු අතපසු කල ට්‍රොට්ස්කි තහනම් දේශපාලන පොත් කියවීමට පටන් ගත්තේය. මාක්ස්වාදය කරා ඇදුනු තරුණයන්ට අමතරව පොලිසියේ උකුසු ඇස යටතේ සිටි පිටුවහලුන් ගණනාවක්ද නිකොලයෙව්හිදී හඳුනා ගත්හ. උයන්පල්ලා වූ ශ්විගොව්ස්කි මාක්ස්වාදයට හා ජනතාවාදීන් අතර පැවති තර්ක වලට නිදහසේ සම්බන්ද වූ පුද්ගලයෙක් විය. ඔහුගේ කාමරය සිසුන්, හිටපු වහලුන් හා තරුණයන් රැස්වන ස්ථානයක් විය. ට්‍රොට්ස්කි ඔවුන් සමග සම්බන්ද විය. ජෝන් ස්ටුවට් මිල් ගේ 'තර්ක ශාස්ත්‍රය ' , ලිපාට්ගේ ' ප්‍රාථමික සංස්කෘතිය ' , බෙන්තම්ගේ ' උපයෝගිතාවාදය ' වැනි පොත් කියවිය. මාස කිහිපයක් යන තුරුම ට්‍රොට්ස්කි දැඩි බෙන්තම්වාදියෙක් විය. එමෙන්ම චර්නියෙව්ස්කිගේ යතාර්ථවාදී සෞන්දර්යවාදයට නතුවිය. මින්ටිගේ ' ප්‍රංශ විප්ලවය ' ද අධ්‍යනය කළේය. මේවා කියවීමෙන් පසු ට්‍රොට්ස්කි මාක්ස්වාදයෙන් ඈත් විය. ' රුස්කායා වෙදොමොස්කි' පුවත්පත් කියවීමට උනන්දු වූ අතර බටහිර යුරෝපයේ පාර්ලිමේන්තුමය පක්ෂවල දේශපාලන ජීවිතය පිලිබඳ චිත්‍රයක් මුලින්ම ට්‍රොට්ස්කි සකසා ගත්තේ මෙම පුවත්පතෙනි.

ට්‍රොට්ස්කිගේ මෙම සබඳතාවයන් පිළිබඳව ගෙදරින් දැනගත් අතර නිතර රණ්ඩු දබර ඇතිවිය. මෙහි ප්‍රතිපලය වුයේ ට්‍රොට්ස්කි නිවසින් ගොස් ශ්විගොව්ස්කි සමග ජිවත් විය. මෙහි සිට පන්ති පැවැත්වීම, සාකච්චා පැවැත්වීම , සිදුකළේය. ටික කාලයකට පසු ප්‍රයෝජනවත් පොත් බෙදා දීම සඳහා සංගමයක් සංවිධානය කළේය. ට්‍රොට්ස්කි මාක්ස්වාදී සඟරාව සමග විවාද කරමින් ජනතාවාදී පුවත්පතකට ලිපි ලිවීය. නමුත් එය පල කලේ නැත. මහජන පුස්තකාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ගාස්තුව වැඩි කිරීම සම්බන්දයෙන් සාමාජිකයන්ගේ රැස්ව්ම් පවත්වා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් තෝරා පත්කර ගත්තේය. මේ අතර ඩාවින්වාදය පිළිබඳව තර්ක ගොඩ නැගුණි. 1896 දී රෙදි වියන්නන්ගේ වැඩවර්ජනය ආරම්භ විය. ට්‍රොට්ස්කි තම විප්ලවවාදී කටයුතු ඇරඹුවේ වෙත්රෝවා පෙළපාලි සමගය.

ට්‍රොට්ස්කි සමග සම්බන්ධ වී වැඩ කල ඇතැම් පුද්ගලයින් පොලිසියට ඔත්තු සැපයීම හේතුවෙන් 1898 දී අත්අඩංගුවට ගනී ලැබිය. සිරගෙදර සිටි කාලය තුල ඉපැරණි සහ නුතන කාල වලට අයත් සියලු නිකායන් හා දුර්ලබ්දීන් ද කතෝලිකවාදයට , ප්‍රොතෙස්තන්ත්‍රවාදයට , තොල්ස්තෝයානුවාදය ට හා දාවින්වාදයට එරෙහිව ඇති හොඳම තර්ක විතර්කයන් ඉගෙන ගත්හ. ඒ අතර ෆ්‍රීමේසන්වාදය පිළිබඳවද උනන්දු වීමට පටන්ගත්හ. නඩුවේ තීන්දුව දීමෙන් පසුව මාස 6 ක කාලයක් මොස්කවුහි රඳවාගත් අතර එම කාලය න්‍යාය පිළිබඳව අධ්‍යනය කිරීමට යොදාගත්හ. පළමුවරට ලෙනින් ගැනද අසන්නට ලැබුණු අතර 'රුසියානු ධනවාදයේ වර්ධනය ' නමැති ඔහුගේ පොත අධ්‍යනය කළේය. ට්‍රොට්ස්කි නිකොල්යෙව් වල කම්කරු ව්‍යාපාරය පිලිබඳ පොත් පිංචක්   ලියා එය සිරගෙදරින් රහසිගතව පිට කළේය.

උසත්-කුත් වලට පිටුවහල් කිරීමෙන් පසු වොස්තොෂ්නෝය ඔබෝශ්‍රෙනියේ පුවත්පතට ලිපි ලිවිම ආරම්භ කළහ. විප්ලවවාදී ව්‍යාපාරය දස දෙස පැතිරුණි. එහෙත් එයට සමගි සම්පන්න බවක් නොතිබුණි. ඒකාග්‍රව ක්‍රියාකිරීමේ වාසිය සාර්වාදය සතු විය. පිටුවහලෙන් පැන ගිය ට්‍රොට්ස්කි ඉස්ක්‍රා සංවිධානයට එක්විය. 1902 පැරිසිය හා සුරිච් වල සිට ලන්ඩනයට පැමිණි ට්‍රොට්ස්කි ලෙනින්ව මුණ ගැසුණි. ලන්ඩනයේ සිට විප්ලවවාදී කටයුතු වල යෙදුනු අතර මාක්ස්වාදීන් හා සංශෝධනවාදීන් අතර පවතී අරගලය දෙස උද්යෝගිමත්ව බලාසිටියේය. මේ සියලු දෙනා එක්වී පක්ෂයක් පිහිටුවා ගැනීමට කටයුතු කළේය. ඒ තුලද ලෙනින් ඇතුළු කිහිප දෙනෙක් අතර යම් යම් මත ගැටුම් පැන නැගුණි. සමුළුව ඉදිරියට යත්ම ඉස්ක්‍රාවේ ප්‍රධාන අනුගාමිකයක් අතර වෙනස්කම් උච්චස්ථානයට පැමිණියේය. තදයන් හා මෘදු ය අතර බෙදීම පැහැදිලිව තිබුණි. ට්‍රොට්ස්කි ඉස්ක්‍රාවේ කතෘ මණ්ඩලයට අනුයුක්ත කරගන්නා ලෙසට ඉදිරිපත් වූ යෝජනාවට ප්ලේහනොව් විරුද්ධ විය. සභාපතිවරයෙකු තෝරා ගැනීමද දුෂ්කර විය. ඩොයිෂ් ට්‍රොට්ස්කිව යෝජනා කල අතර බෝල්ශෙවිකයන් හා මෙන්ශෙවිකයන් අතර අනාගත බෙදීම මුලින්ම හැඩරුව ගත් ඉස්ක්‍රා අනුගාමිකයන්ගේ රැස්වීමේ  මුලසුන දැරීමට ට්‍රොට්ස්කිට සිදුවිය. මෙහි අවසානය වුයේ ඉස්ක්‍රාව කැඩී වෙන් වීමයි. ට්‍රොට්ස්කිද ලෙනින්ගෙන් ඉවත් විය. පසුව බෝල්ශෙවිකයන් මෙන්ම මෙන්ශේවිකයන් ගෙන්ද ට්‍රොට්ස්කි වෙන් විය.

1905 ඔක්තෝම්බර් වැඩ වර්ජනය එතරම් සාර්ථක වුයේ නැත. නොවැම්බර් 13 දා මෙන්ශේවිකයන් සමග සන්දාන ගතව විශාල දේශපාලන පුවත්පතක් වූ නැචලෝ පටන් ගත්හ. මොවුන් විසින් සංවිධානය කල විප්ලවය ජයග්‍රහණය කල අතර ට්‍රොට්ස්කිවාදය නිර්මාණය වීම සඳහා ඔහුගේ මැදිහත්වීම ඉතා විශාල විය.


1 comment:

  1. තිලිනි ඒකනායක සහෝදරියට වැඩිදුර අධ්‍යනය කිරීම සදහා https://www.wsws.org/sinhala/2015/2015aug/pers-31a.html

    ReplyDelete