Saturday, July 23, 2016

දේශපාලන සහභාගිත්වය

සමාජ සංකීර්ණත්වය හා දේශපාලන සහභාගිත්වය.






මිනිසා දේශපාලන සත්වයෙකි. වර්තමානය වන විට මිනිසුන්ගේ දේශපාලන සහභාගිත්වයට සුවීශේෂී ස්ථානයක් හිමිවී තිබේ. දේශපාලන සහභාගිත්වය පිලිබඳ සංකල්පය මෑත කාලයේදී ජනප්‍රිය වූ මාතෘකාවකි. දේශපාලනයට මිනිසුන්ගේ සහභාගිත්වය සමාජ වගකීමක් ලෙසද සැලකිය හැකිය. එයට හේතුව නම් මිනිසුන් තමන් පාලනය කරන පාලන ක්‍රමය හා පාලකයන් තීරණය කිරීමට සම්බන්ධ වීම ඉතා වැදගත් වීමයි. දේශපාලන සහභාගිත්වය ලෙස හඳුන්වන්නේ චන්දය ප්‍රකාශ කිරීම පමණක් නොවේ. පක්ෂයක සාමාජිකත්වය දැරීම , ජනමාධ්‍ය මගින් තම අදහස් පල කිරීම ආදී බොහෝ ක්‍රියාකාරකම් මෙහිදී සිදු කල හැකිය. බොහෝ විට මිනිසුන් දේශපාලනයට සහභාගී වන්නේ තම ආර්ථික වාසි ලබා ගැනීම සඳහායි. මිට අමතරව පෞද්ගලික සාධකද මෙයට හේතු වේ. අධ්‍යාපන මට්ටම , විවිධ විශ්වාස , කුලය , ආගම , භාෂාව , සමාජ තත්වය ආදිය මේ අතර වේ. 

කුලය

මානවයා ක්‍රමානුකුලව දියුණු වීමත් සමග ඔවුන් අතර විවිධ බෙදීම් ඇතිවන්නට විට. එහි ප්‍රතිපලයක් ලෙස කුලවාදය බිහිවිය. කේ.ටී. සිල්වාට අනුව කුලය මුළුමනින්ම සමාජ නිර්මිතයකි. හින්දුන්ට කුලය යන්නට නිර්මාණවාදී අදහසක් තිබේ. එනම් සමාජ සංවිධානයේ පදනම කුලයයි. සිය ආර්ථික හා සමාජ යහපත ආරක්ෂාකර ගැනීමට ක්‍රමානුකුලව කටයුතු කිරීම සඳහා ක්‍රියාශීලි සංවිධානයක් ලෙස ඇතිවූ එක් එක් කුලය අඩු වැඩි වශයෙන් වෘත්තිය කණ්ඩායමක්ද විය යනුවෙන් ඉන්දියානු පඬිවරයෙක් වූ නිලකන්ඨ ශාස්ත්‍රී විසින් ඉදිරිපත් කර තිබේ. ලංකාවේ සමාජයේ සංකීර්ණත්වය පිලිබඳ බැලීමේදී කුලයට වැදගත් ස්ථානයක් හිමිවේ. ලංකාවේ කුල වර්ග ආනන්ද කුමාරස්වාමිට අනුව කුල 27 කි. ක්‍රි.ව. 1681 දී රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතික සිරකරුවා ලියා පල කල ඉතිහාස ග්‍රන්ථයේ කුල 15 ක් ද , ක්‍රි.ව. 1821 ජෝන් ඩේව් කුල 19 ක් ද දක්වා තිබේ. ලංකාවේ කුල පදනම ගැන අවධානය යොමු කිරීමේදී සිංහල හා දෙමල  යන ජනවර්ග දෙකෙහිම කුල පිළිබඳව අවධානය යොමු කල යුතුය. සිංහල ජනතාව අතර පවතින කුල වර්ග මෙසේය.

* ගොවිගම             * කරාව                 * සලාගම                    * දුරාව                       * වහුම්පුර/ හකුරු  

* බත්ගම/පදු           * හුණු                   * කුඹල් /බඩහැල         * ගහල                      * ආචාරි/ගල්ලදු            

*  දුර                      * කින්නර             * හේන/රදා                  * නැකති/බෙරවා       * රොඩී/හුලවාලි

මහාචාර්ය ටියුඩර් සිල්වා , වික්ටර් අයිවන් , හා ජැන්සිගේ මතය අනුව සිංහල ජනගහනයෙන් 50% ම ගොවිගම කුලයට අයත් වේ. එසේම ඔවුනට අනුව කුලවල නියෝජනය මෙසේය.

             

ගොවිගම

කරාව

සලාගම

දුරාව

වහුම්පුර
බත්ගම
ටියුඩර් සිල්වා
50%
5%
3%
2%
12.5%
18%
වික්ටර් අයිවන්
50%
10%
5%
3%
13%
9%
ජැන්සි ජිගින්ස්
50%
33.7%         
                                                                                                                      







ලංකාවේ දෙමල ජනතාව තුල පවතින කුල ක්‍රමය සිංහල කුල ක්‍රමයට වඩා සංකීර්ණ බවක් පෙන්නුම් කරයි. මයිකල් බෑන්ක්ස් ගේ The cast in jaffna යන ග්‍රන්ථයේ දෙමල කුල දක්වා ඇත්තේ මෙසේය. 50% වෙල්ලාල කුලයද , 10% කාරියර් කුලයද , 9% පල්ලා කුලයද , 9% නලවා කුලයද , 7% කොවියාර් කුලයද , 2.7% පරයා කුලයද , 2% ටක්කා කුලයද , 2% මුත්කා කුලයද වේ. 

ලංකාවේ කුල ක්‍රමය හා දේශපාලන සහභාගිත්වය සම්බන්ධයෙන් ඉහත තොරතුරු අනුව විමසන විට 50% ක්ම නියෝජනය කරනු ලබන්නේ ගොවිගම කුලයේ ජනතාවයි. ගොවිගම කුලයේ චන්ද දායක සහභාගිත්වය අනෙක් කුල වලට වඩා වැඩි ප්‍රතිශතයක් ගන්නා බව ඉන් පෙනී යයි. ඒ අනුව මහජන නියෝජිතයින්ගෙන්ද වැඩි පිරිසක් ගොවිගම කුලයට අයත් බව පෙනේ. 



වර්ෂය

සිංහල කුල%
දෙමල/මුස්ලිම්/වෙනත්

එකතුව
ගොවිගම
සලාගම
කරාව
දුරාව
වහුම්පුර
බත්ගම
වෙනත්
1931
1947
1952
1956
1960 
1965
1970
79.0
50.5
60.0
58.5
57.6
61.6
62.4
03.0
4.2
4.2
5.3
6.6
3.3
3.3
11.0
9.4
8.4
8.4
8.6
7.3
7.9
0.0
1.1
1.1
2.1
1.3
1.3
1.3
0.0
1.1
1.1
0.0
1.3
2.0
2.6
0.0
1.1
1.1
1.1
2.6
4.0
1.3
0.0
4.2
3.1
3.1
2.0
2.0
3.3
07.0
28.4
21.0
21.1
19.9
18.5
7.9
100.0
100.0
100.0
100.0
100.0
100.0
100.0


මෙය අධ්‍යනය කරන විට කුලය දේශපාලනය කෙරෙහි ඍජුවම බලපාන බව පැහැදිලි වේ. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරට අනුව 1990 දශකයේ අගභාගය වන විටද කුලය යන්න දේශපාලනය තුල වැදගත් සාධකයක් විය. ඇතැම් චන්ද කොට්ඨාශ වල කුල නියෝජනය කරන ජනතාව තීරණාත්මක බලපෑමක් සිදු කරන ලදී. මිගමුව , කටාන , රත්ගම , බලපිටිය යන ප්‍රදේශ සලාගම කුලයට ද පානදුර , මොරටුව , අම්බලන්ගොඩ , වෙන්නප්පුව , නාත්තන්ඩිය , තිස්සමහාරාමය කරාව කුලයටද කුණ්ඩසාලේ හා තෙල්දෙණිය ආසන වෙල්ලිදුරාව කුලයටද වාසි සහගත කොට්ඨාශ වේ. 

ලංකාවේ වැඩිම නියෝජනය ගොවිගම කුලය වුවද බත්ගම කුලයද අප රටෙහි දේශපාලනය කෙරෙහි තදින් බලපා තිබේ. එවකට සිටි එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අල්ලේ නැටවිය හැකි බව නාරම්මල පැවතී රැස්වීමකදී ඔවුන් ප්‍රකාශ කල බව 1996 ඔක්තෝම්බර් 06 ඉරිදා දිවයිනේ සඳහන්ව තිබු බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි. එසේම ඔබේසේකර පවසන්නේ බත්ගම කුලය ප්‍රබල කුලයක් වූ නමුත් දේශපාලන භූමියේදී ඔවුන්ට චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය තුල ප්‍රමාණවත් නියෝජනයක් නොලැබුණේ බවයි. එහිදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ධුරය විශ්වා වර්ණපාලටත් සමුපකාර ඇමති ධුරය ඩි. පී. වික්‍රමසිංහටත් ලැබී තිබුනද එය ප්‍රමාණවත් නොවන බව ඔහුගේ අදහසයි.උදාහරණයක් ලෙස 1911 මැතිවරණයේදී උගත් ලාංකීය නියෝජිතයා තේරීමේදී කුලය යන්න බලපාන ලදී. එහිදී කරාව කුලයේ මාක්ස් ප්‍රනාන්දුට එරෙහිව ගොවිගම කුලයේ පිරිස් දෙමල සමාජයේ ප්‍රභුවෙල්ලාල කුලයේ පොන්නම්බලම් රාමනාදන්ට උපකාර කරන ලදී. එහිදී මාක්ස් ප්‍රනාන්දුට පරාජය හිමිවිය. 

දේශපාලන සහභාගිත්වය සඳහා වන මෙම කුලය පදනම් කරගෙන ජනතාව විවිධාකාරයේ හිංසාවලට ලක්වූ අවස්ථා තිබේ. 1936 බත්ගම කුලය නියෝජනය කරන කීර්තිරත්න මහතා දැදිගම ආසනය සඳහා තරග කරන ලදී. එහිදී සිදුවුනේ සර් ජෝන් කොතලාවල මහතා විසින් සිය මැරයන් ලවා කීර්තිරත්න මහතා නියෝජනය කල බත්ගම ප්‍රජාවට හිංසා පිඩා කිරීමයි. එහි අවසාන ප්‍රතිපලය වුයේ ඩඩ්ලි සේනානායක මහතා දැදිගම ආසනය ජයග්‍රහණය කිරීමයි. ගොවිගම කුලය නියෝජනය කරන නායකයින් අන් කුල වලට ඉදිරියට ඒමට තිබු ඉඩකඩ සිමා කල බව මෙයින් පැහැදිලි වේ.

එසේම ලංකාවේ රාජ්‍ය මට්ටමින් තීරණ ගැනීමේදී කුලය යන්න ඉතා වැදගත් සාධකයක් ලෙස සලකු බව 1946 මැතිවරණ කොට්ඨාශ සිමා නිර්ණය කොමිසම විසින් කඩුගන්නාව මැතිවරණ කොට්ඨාශය ගොවොගම කුලයට අමතරව පන්නාදුර කුලයේ සහභාගිත්වය පිළිබඳව අවධානය යොමු කරමින් බහි මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශයක් ලෙස නම් කිරීම තුලින් පැහැදිලි වේ. අම්බලන්ගොඩ බලපිටිය ආසනය සලාගම කුලයට අමතරව කරාව කුලයේ ජනතාවද නියෝජනය කරයි. එම නිසා එයද බහු මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශයක් බවට පත් කරන ලදී. 1959 වෝල්ටර් තලාගොඩපිටිය සිමා නිර්ණය කොමිසම විසින් 95 ක් ව තිබු මැතිවරණ කොට්ඨාශ ප්‍රමාණය 151 දක්වා ඉහල දමන ලදී. එහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ පවතී කොට්ඨාශ 06 කොට්ඨාශ 12 දක්වා ඉහල නංවා ගොවිගම , සලාගම හා කරාව යන කුල වල නියෝජනය පුළුල් කරන ලදී. මෙම සිමා නිර්ණය කිරීමේදී වුවද කුල වල නියෝජනයට පහසු වන ආකාරයට සෑම කුලයකටම නියෝජනයක් ලැබෙන ආකාරයට මැතිවරණ කොට්ඨාශ බෙදා තිබීම වැදගත්වේ. 

ස්ත්‍රි පුරුෂ බව 

ස්ත්‍රි පුරුෂ භාවය ද දේශපාලන සහභාගිත්වයේ දී වැදගත් වේ. ලෝකයේ බොහෝ රටවල් වල පුරුෂාධිපත්‍ය ට නතුවූ සමාජ වාතාවරණයක් දැකිය හැකිය. රටක තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පුරුෂයා මුලික වන්නේය , කාන්තාව ඒ සඳහා නුසුදුසු වන්නේය යන ස්ථාවරයෙහි පිහිටා කටයුතු කරන සමාජ ස්තරයන් දැකගත හැකිය.

උදාහරණයක් වශයෙන් ජෝර්දානයේ කාන්තා දේශපාලන සහභාගිත්වය ට වඩා පුරුෂයින් දේශපාලන වේදිකාවේ තම ස්ථාවරය පවත්වාගෙන යන ආකාරය දැකිය හැකිය.

වර්ෂය
කාන්තා අපේක්ෂිකාවන්
මුළු අපේක්ෂකයන්
කාන්තා අපේක්ෂකත්වය ප්‍රතිශතයක් ලෙස
1989
12
647
1.85%
1993
3
534
0.6%
1997
17
510
3.3%
2003
54
765
7%
2007
199
885
23%
2010
134
763
17.5%












ජෝර්දාන් ව්‍යවස්ථාදායක මැතිවරණ වලදී 1989-2010 අතර කාලයේ පැවති මැතිවරණ වල කාන්තා අපේක්ෂකත්වය ඉතා අල්ප වේ. 2007-2010 වසර වන විට ජෝර්දානයේ කාන්තා දේශපාලන සහභාගිත්වයේ යම් වර්ධනයක් සිදුව ඇති බව පෙනුනද එය පුරුෂ අපේක්ෂකයන් සමග සැසදීමේදී අල්ප බව පෙනේ. මෙම කුඩා කාන්තා නියෝජනයට ව්‍යවස්ථාදායකයට තේරී පත්වීමට අවස්තාව ලැබී ඇත්තේ ඉතා සුළු වශයෙනි. සමහර වසර වල කිසිදු අපේක්ෂිකාවකට ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමට අවස්තාවක් ලැබී නැත. ඉන්දියාව , පකිස්තානය හා බංගලාදේශය මෙන්ම ශ්‍රී ලංකාවද ගැහැනුන් දේශපාලනයට පිවිසීම පදනම් වී ඇත්තේ වැන්දබු හා දුහිතෘ සහලක්ෂණය නමින් හැඳින්විය හැකි පිතෘ මුලික පෙළපත් ක්‍රමයක් මතය. මෙය බොහෝ දකුණු ආසියාතික රටවල දැකිය හැකි ලක්ෂණයක් වේ. 

ආසියාතික බොහෝ රටවල මෙන්ම ලංකාවේද සහභාගිත්වය අභිබවා යමින් පුරුෂාධිපත්‍ය දේශපාලන වේදිකාව පුරා පතුරුවාගෙන ඇති ආකාරය හඳුනාගත හැකිය. ලංකාවේ ජනගහනය අතින් බලු කල පුරුෂ ජනගහනයට වඩා වැඩි නියෝජනයක් සිදුවන්නේ කාන්තා පක්ෂයේය. එසේ තිබියදීත් කාන්තාවන් දේශපාලනයට සහභාආගි වන ප්‍රමාණය අල්ප තත්වයක පවතී. ලංකාවේද දේශපාලන සහභාගිත්වයේ දී පුරුෂයා මුලික වූ යුගයක ඉතිහාසය තුල මහා පෙරලියක් සිදුකරමින් 1959 සැප්තැම්බර් මාසයේදී එස්.ඩබ්.ආර්.ඩි .බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව එතුමාගේ බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරයට පත් විය. ලෝකයේ අගමැති ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව වශයෙන් ඉතිහාසයේ නම් දරන්නට ඇයට අවස්තාව උදා විය. 1994 වන විට මෙම තත්වය තව දුරටත් වර්ධනීය තත්වයට පත් වෙමින් රටේ ඉහලම නායකත්වය වන ජනාධිපතිධුරය කාන්තාවක් අතට පත් විය. එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිධුරයට පත් වීමත් සමගයි.

රටේ ඉහල තනතුරු සඳහා කාන්තා දේශපාලන සහභාගිත්වය ඇතිවුයේ පවුලේ ආභාෂයෙනි. විශේෂයෙන්ම ඩයනා කින්කේඩ් පවසන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා නායිකාවන් සියලු දෙනා බලයට පත්ව ඇත්තේ ඔවුන්ගේ ඔඉරිමි සහකරුවන්ගේ හෝ ඥාතීන්ගේ මෘත දේහ තුලින් බවයි. මෙයට මෑත කාලින හොඳම උදාහරණය වන්නේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය දේශපාලන කරලියට පිවිසියේ පියාගෙන් අභාවයෙන් පසුවයි. විශේෂයෙන් 1994 ජනාධිපතිවරණයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් ශ්‍රීමති දිසානායක මැතිනියත් ජනාධිපතිධුර අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත් විය. 1993 දී ගාමිණි දිසානායක මහතාගේ ඝාතනයෙන් පසුදිසානායක මැතිනිය දේශපාලනයට සහභාගී විය. ශ්‍රිලංකාවේ දේශපාලනය තුලින් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය වන බව සෙල්වි තිරුචන්ද්‍රන් ගේ මතයයි. 

* එක සමාන පන්ති පසුබිමක් තිබීම.
*  තම පවුලේ පිරිමින් දේශපාලන කටයුතුවල නිරතව සිටීම.

කාන්තාව සම්ප්‍රදායිකත්වයෙන් බැඳ තබා ඇති බැවින් ඔවුන්ට නියමිත වූ කාර්යන් ඉටු කිරීමට සිරවී සිටියි. බොහෝ විට මෙම තත්වය ග්‍රාමීය මට්ටමට යනවිට වැඩි වශයෙන් දැකිය හැකිය. මෙය කාන්තා දේශපාලන සහභාගිත්වය අඩුවීමට හේතුවක් වී තිබේ. 

ජනවර්ගය , භාෂාව හා ප්‍රාදේශීය විවිධත්වය

ආසියානු රටවල සංක්‍රමණය හේතු කොට ගෙන ජනවර්ග වල විවිධත්වය තීරණය වී තිබේ. ලංකාවද ආසියානු රටක් වන අතර විවිධ ජාතින් ජිවත් වේ. එම නිසා ලංකාව බහු වාර්ගික රටක් වශයෙන් හඳුනා ගත හැකිය. 1955 සැප්තැම්බර් 30 ඩොල්ෆ්ට් දුපතේදී සර් ජෝන් කොතලාවල මහතා සිංහල හා දෙමල යන භාෂා දෙකම රාජ්‍ය භාෂාවට ඇතුලත් කරන බව ප්‍රකාශ කල අතර 1955 දෙසම්බරයේ දී සිංහල රාජ්‍ය භාෂාව විය යුතු බව එස්.ඩබ්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කරන ලදී. භාෂාව ලංකා දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට මෙම වර්ෂ වලින් පසුව පත්විය. දෙමල භාශාවද රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගෙන තිබුනද වැඩි ඉයෝජනයක් ඇත්තේ සිංහල ජනතාව නිසා එය අභිබවා යාමට ඔවුන්ට හැකියාවක් නැත. පෙඅදේශීය අතින් ගත්තද මෙම ජනවාර්ගික කණ්ඩායම් ඒක සමානව බෙදී ගොස් නැත. මෙම විෂමතාවන් හේතු කොටගෙන දේශපාලන සහභාගිත්වයේද වෙනස්කන් සිදුවේ. භාවිතා කරන භාෂාවට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන බව පැහැදිලිය. ප්‍රාදේශීය වශයෙන් ගත විට ඒ ඒ ප්‍රදේශවලට නියෝජිතයන් පත්වීමේදී වුවද සිංහල ජනවර්ගයට ප්‍රමුඛ ස්ථානයක් ලැබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් අනෙක් ජනවර්ග නියෝජනය වන්නේ අඩු වශයෙනි. පක්ෂ අතින්ද අනෙක් ජාතින් නියෝජනය කරන පක්ෂ ප්‍රමාණය අඩුවේ. 


ආගම 

දේශපාලන සහභාගිත්වය  කෙරෙහි ආගම වැඩි වැදගත්කමකින් යුක්තවේ. ලංකාව තුල බෞද්ධ , හින්දු , ඉස්ලාම් , ක්‍රිස්තියානි යන ආගම් ව්‍යාප්ත වී තිබේ. මුළු ජනගහනයෙන් තුනෙන් දෙකක් බෞද්ධයෝය. පහෙන් එකක් හින්දු භක්තිකයෝය. සෙසු පිරිස ඉස්ලාම් හා ක්‍රිස්තියානි භක්තිකයන් ලෙස සමානව බෙදී යයි. බොහෝ දුරට බලන විට මැතිවරණ වලට ජන්දය ප්‍රකාශ කිරීමේදී තම ආගම අදහන කෙනෙකු පාර්ලිමේන්තුවට යැවීමට උත්සුක වෙයි. බොහෝ විට ලංකාවේ පවතින ප්‍රාදේශීය විවිධත්වයත් සමග මෙම කරුණ ගෙන බැලු විට එම හේතුව නිසාම බෞද්ධ ආගමික නියෝජිතයන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. 

ලංකා දේශපාලනයේ පළමු වරට මැතිවරණ වේදිකාවකට නැගී භික්ෂුන්වහන්සේ ලෙස උඩකැන්දවල සිරිසරණංකර හිමියන්ද මැතිවරණයකට තරඟ කල පළමු භික්ෂුව වශයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හඳුනාගත හැකිය. 1999 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ආගම යොදාගත් අවස්ථාවක් මැතිවරණ ඉතිහාසයෙන් හඳුනා ගත හැකිය. සමස්ත ලංකා බොදු හඬ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කල  පත්‍රිකාවේ රනිල් මිෂනාරි ගහ යනුවෙන් කාටුනයක් පල කර තිබුණි. එහි අතු ලෙස ක්‍රිස්තියානි හා කතෝලික ආගම් වල ආසන සංවිධායකවරුන් දක්වා තිබුණි. මෙතෙක් ආගම දේශපාලනය සඳහා නියෝජනය වුයේ වක්‍රාකාරයෙන් වුවද 2004 මැතිවරණයේදී සිහල උරුමය පක්ෂය මැතිවරණය සඳහා හෙළ උරුමය නමින් භික්ෂුන් වහන්සේ පමණක් ඉදිරිපත් කිරීමත් සමග ඍජුවම මැතිවරණ සඳහා ආගම නියෝජනය වීම ඇරඹී ඇත.

පක්ෂවල මතවාද

ලංකාව තුල ඕනෑම දේශපාලන මතයක් දරන දේශපාලඥයෙකුට දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමේ හැකියාව පවතී. මෙරට පක්ෂ පිලිබඳ සලාකා බැලීමේදී පක්ෂ විශාල ප්‍රමාණයක් හඳුනාගත හැකි වන අතර එම පක්ෂ වලට අනන්‍ය වූ දේශපාලන මතවාදයක්ද පවතින බව පෙනී යයි. මෙම මත වලට ගරු කරන පිරිස් ඒ වටා එක් වෙමින් දේශපාලන ක්‍රියාවන්හි නියැලේ.

සමාජ ආර්ථික ගැටළු

දේශපාලන සහභාගිත්වයට බලපාන සාධකයක් ලෙස සමාජ ආර්ථික ගැටළු හඳුනාගත හැකිය. සමාජ ව්‍යුහයේ මෙන්ම ආර්තිකයේද පවතින අසමතුලිතභාවය නිසා ජනතාවගේ දේශපාලන සහභාගිත්වයේද අඩු වැඩි තත්වයන් දැකිය හැකිය. ලංකාව වැනි රටක් ගත් විට බොහෝ දුරට ඉහල මධ්‍යම පාන්තික පවුල් ජනගහනයෙන් ඉතා සීමිත සංඛ්‍යාවක් වුවද රටේ පාලක පන්තිය බිහි වන්නේ ඔවුන් අතරිනි. 

ලංකාවේ කාන්තා දේශපාලන සහභාගිත්වය දෙස බලන විට කාන්තා නියෝජනය සිදුවන්නේ ඉහල පන්තියේ කාන්තාවන් අතරින් පමණි. අනෙක් අතට මැතිවරණ වලට ඉදිරිපත් වීමට නම් ආර්ථික ශක්තිය ඉහල මට්ටමක තිබිය යුතුය. ලංකාවේ මැතිවරණ ව්‍යාපාර වලට වැය කරන ප්‍රචාරක වියදම් දෙස බලන විට සාමාන්‍ය පවුලක අයෙකුට එය දරා ගත නොහැකි මුදලක් වේ. එසේ ප්‍රචාරයක් නොදී ජනතාව අතරට යාමටම් හැකියාවක්ද නොමැත. මේ හේතුව නිසා සාමාන්‍ය පවුල්වල අයට ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීමට ලැබෙන්නේ මද වශයෙනි. ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වය වැඩි වීම හේතුවෙන්ද දේශපාලන සහභාගිත්වය වැඩිවේ.

ලංකාවේ මැතිවරණ ආශ්‍රිත දේශපාලන සහභාගිත්වය

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 18 සම්පුර්ණ කල සියලු දෙනාටම මැතිවරණ වලට චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිව තිබේ. මෙයින් මැතිවරණ සඳහා ඉල්ලුම් කිරීමේදී යම් යම් හේතු මත මැතිවරණ වලට සහභාගී වීමට සමහර පුරවැසියන්ට නොහැකිවී ඇත. විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් චන්දය පාවිච්චි කිරීමෙන් වැලකි සිටියි. නමුත් සමස්තයක් වශයෙන් මැතිවරණ සඳහා ඉල්ලුම් කරන පිරිස අතරින්ද යම් පිරිසක් චන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියි. නමුත් ඇමරිකාව වැනි රටක චන්දය දීමෙන් වැලකි සිටිය නොහැකි අතර එසේ සිටියහොත් දඩයක් අය කරනු ලැබේ. ලංකාව තුල එවන් ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත. මැතිවරණ ආශ්‍රිතව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා දෙස බලන විට එයින්ද පුරවැසියන් තම නියෝජිතයන් පත් කර ගැනීම කෙරෙහි දක්වන උනන්දුව පෙනී යයි. ප්‍රචණ්ඩ ක්‍රියා යනු අනුමත කල හැකි සිදුවීම් නොවුනද සාමාන්‍ය ජනතාවගේ දේශපාලනයට තම නියෝජිතයන් තෝරාගැනීමට ඇති උනන්දුව තමන්ගේ නියෝජිතයා පළාත් සභාවට , පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිධුරය ට පත් කර ගැනීමට ඇතයි දැඩි අවශ්‍යතාවය මෙයින් විද්‍යමාන වෙයි.











2 comments: