Friday, August 5, 2016

අලි තොරතුරු


අලි තොරතුරු







අලියා ජාතික සම්පතක් මෙන්ම සංස්කෘතික සම්පතක්. සිංහල ජන ජීවිතය හා රාජ්‍ය පාලනය කෙරෙහි බද්ධ වූ ගාම්භීර සතෙක්. ඒත් අපි අලියා ගැන දන්නේ හරිම ටිකයි නේද. ඒ නිසා අලියා ගැන තොරතුරු ටිකක් ඔයාලට කියන්න ඕනේ කියල හිතුව. කියවල බලන්නකෝ...ඔයාලට ගොඩක් දේවල් අලුතින් දැනගන්න පුළුවන් වෙයි...

අලියාට බොහෝ සමානකම් ඇති සත්ව කොටස් වසර දශලක්ෂ පනහකට පමණ පෙර බිහිවෙලා තියෙනවා. ඔවුන් මොඑරිතීරියම් නමින් හඳුන්වනවා. එහෙත් අලියාට මෙන් දිග හොඩක් ද ඇතාට මෙන් දිග දල යුගලක්ද මෙම සත්වයාට තිබුනේ නෑ. මේ නිසා සත්ව විද්‍යාඥයෝ මොඑරිතීරියම් අලියාගේ ආදිතමයා ලෙස හැඳින්වූවා. වල් අලි යනු ෛජව විවිධත්ව පරිනාමයේ විශේෂිත නිර්මාණයකි. ආහාර සොයා දිනකට කිලෝමීටර් 25 ක් පමණ දුරක් යාමට මෙම සත්වයෝ පෙළඹෙති. ගොඩබිම් වල වාසය කරන විශාලතම සත්ව කාණ්ඩයට අයත් අලියා ක්ෂීරපායි හෙවත් මැමාලියා ගණයට අයත් වෙයි.
වත්මන් අලියා වර්ග දෙකකට බෙදේ. ලොක්සොඩොන්ටා අප්‍රිකානා සහ එලෙෆපාස් මක්සිමුස්ය. එනම් අප්‍රිකානු අලියා හා ආසියානු අලියාය. මේ දෙවර්ගයේම අලින්ට එක් එක් වර්ගයට ආවේනික වූ ශරීර ලක්ෂණ පිහිටා ඇත.
අප්‍රිකානු අලියා උස අඩි 14 ක් පමණ වෙනවා. උස අඩි 9 ත් 11 පමණ වේ. උරහිස් උසින් වැඩිය වැඩිය. පිට පහත්ය. කන්පෙති විශාලය සිරුර දුඹුරු පැහැයට හුරු කළු පැහැයක් ගනී. ගැහැණු පිරිමි දෙපක්ෂයටම දල ඇත. හොඩවැල කෙලවරේ එක් ඇඟිල්ලක් වැනි තුඩු දෙකක් පිහිටා ඇත. අප්‍රිකා මහද්වීපයේ සහරා කාන්තාරයට දකුණින් පිහිටි ප්‍රදේශය වාස භුමි වේ. අප්‍රිකානු කුරු අලි වර්ගයක් කොංගෝ ප්‍රදේශයේ වාසය කරයි. අප්‍රිකානු අලියා ආසියානු අලින්ට වඩා දරුණුය.
ආසියානු අලියා එලිෆාස් මැක්සිමස් නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර මේ නම දුන්නේ කාල් ලිනේයස් 1758 දී ලංකාවේ අලියා අධ්‍යනයෙනි. ආසියානු අලි බොහෝ විට අයත් වන්නේ මෙම කුලයටයි. ආසියානු අලියාගේ හොඩවැල කෙලවරේ එක් ඇඟිල්ලක් වැනි තුඩු එකක් ඇත. පිට ඉහලට එසවී ඇත. දල ඇත්තේ පිරිමි සත්වයින්ට පමණි. නමුත් සෑම පිරිමි සතෙකුටම දල පිහිටන්නේ නැත. ඉන්දියාව , බුරුමය , ලංකාව , මලයාව , කාම්බෝජය , සුමාත්‍රාව වැනි රටවල අලින් දක්නට හැකියි. පර්යේෂණ වලට අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන්නේ ආසියානු අලින් අතරින් විශාලතම දේහධාරින්ය. ආසියානුකරයේ අලින් අතරින් වැඩිම ජාන විවිධත්වයක් ඇත්තේද ලංකාවේ අලි ඇතුන්ට යි. මෙම ජාන විවිධත්වය ඕනෑම පාරිසරික තත්වයන්ට ඔරොත්තුදීමට හා හැඩගැසීමට ඇති හැකියාව පිලිබඳ නිර්ණායකයකි. ලංකාවේ අලියා ආසියානු අලි අතරින් වැඩියෙන්ම බුද්ධිමත් අලියා ලෙස හඳුන්වයි. මොලයේ වර්ධනය වීමේ ධාරිතාවය ද වැඩිය. දිනකට කිලෝග්‍රෑම් 150 ක පමණ ආහාර වේලක් අවශ්‍ය වේ. උදේ සිට සවස් වන තුරු ආහාර සොයා සංචාරය කරයි. දිනකට ජලය ලීටර් 80 ත් 160 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වේ. ශ්‍රවන ශක්තිය තියුණු නමුත් පෙනීම මදක් අඩුය. වයස අවුරුදු 8 ක් 9 පමණ වන විට ගැහැණු සත්වයින් පැටවුන් බිහි කරයි. ගැබ් කාලය මාස18 සිට 22 දක්වා වේ. පැටවූ බිහි කරන්නේ අවුරුදු 3 , 4 හෝ 6 කට වරකි. මෙය ගොඩබිම වසන සත්වයින් අතර ඇති දීර්ඝතම ගැබ් කාලය ලෙස සැලකේ. වරකට එක් පැටියෙක් බිහි කරයි. නමුත් 1941 වසරේ ලංකාවෙන් ගැහැණු පැටවුන් දෙදෙනෙකු උපන් බව වනජීවී තොරතුරු වල දැක්වේ. අලියෙකුගේ සාමාන්‍ය ජිවිත කාලය අවුරුදු 60 හෝ 70 හෝ ඊට වැඩිවේ.

ගැහැණු සතෙකු මව් පදවිය ලැබීම යනු  අලි රංචුවක විශේෂ සිද්ධියකි. රංචුවේ අනිකුත් සාමාජිකයෝ මවු ඇතින්න කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති. රැලේ සිටින කුමන දරුවෙකුට වුවද කිරි බිමට ඉඩ දීම අලි සිරිතයි. තුම්පත් රැල යනුවෙන් හැඳින්වෙන්නේ අලි අම්මාත් ඇගේ කලින් පැටවා සහ අලුත උපන් පැටවායි. අලි සිටින්නේ රංචු වශයෙනි. අලි රංචුවක මුරණ්ඩු අලියෙක් සිටිනම් රැලෙන් පිටමන් කරයි. මෙසේ පිටමන් කල අලියා තනිවීම නිසා දරුණු තත්වයට පත්වේ.මද කිපීම වැඩුණු අලි ඇතුන්ට කලින් කල ඇතිවන තත්වයකි. කපෝල ග්‍රන්ථි ඉදිමීම මද කිපිමේ ලක්ෂණයයි. මෙම ග්‍රන්තියෙන් පිටවන තෙල් වැනි ද්‍රවයක් කම්මුල් දෙපසින් ගලා යයි. මද කිපුණු විටදී කලබල වීම හා දරුණු වීම දක්නට ලැබෙන ලක්ෂණයකි. මද කිපීම ආරම්භ වීමේදී හිලෑ අලි ඇතුන් වෙන්කර තැබේ. මද කිපිමත් සමග පිරිමි සතා ගැහැණු සතා කෙරෙහි දැඩි ඇල්මක් ඇතිකර ගැනිම ස්වාභාවිකය.
අලියාගේ විශේෂම අංගය වන්නේ හොඩවැලයි. මේ හොඩවැලේ ක්‍රියාකාරිත්වයට මාංශපේශීන් 40,000 ක් පමණ එකිනෙකට සම්බන්ධව පවතී. ඒ නිසා අවශ්‍ය ආකාරයට හැසිරවීමේ හැකියාව ලැබී ඇත. නාසය ලෙසට මෙන්ම අතක් ලෙසටද හොඩවැල අලියාට ප්‍රයෝජනවත්ය. වතුර බිමට සහ ශරීරයට වතුර ඉස ගැනීමට මෙන්ම සතුරෙකුට පහර දීම සඳහා ද ශක්තිමත් ආයුධයක් ලෙස යොදා ගනී. ඒ වගේම ඉතා  සියුම් ද්‍රව්‍යක් සේම මහා පරිමාණයේ ද්‍රව්‍යක් ද ග්‍රහණය කර ගැනීමේ හැකියාව හොඩවැලෙන් ලැබී ඇත.
දළ බවට පත්වන්නේ ඇතාගේ උඩ හනුවේ තිබෙන කෘදන්ත දත් පෙළයි. එම දත් දෙපල ජානවල ක්‍රියාකාරිත්වය නිසා දළ බවට පත්වේ. ලංකාවේ පිරිමි සතුන්ගේ දළ පිහිටන්නේ 5% ත් 8% අතර ප්‍රමානයකටයි. ඇත් දළ වාණිජ වටිනාකමක් සහිතය. මුදු , මාල , අත් පළදනා , විසිතුරු භාණ්ඩ , පුජා භාණ්ඩ නිෂ්පාදන සඳහා යොදා ගැනේ.
ගජමුතු ඇතිවන්නේ ඇතාගේ දළ කෙලවරෙයි. කුහරය සහිත දලය ඇතුලත කෙළවරට යන විට කුඩා වේ. මෙය තුලට දලයෙන් කොටසක් හෝ දතක කෑල්ලක් ඇතුල් විය හැකිය. අවුරුදු ගණනාවක් ගත වෙත්ම මෙම කැබැල්ල ක්‍රමයෙන් මට්ටම් වී රවුම් හැඩයක් ගනී. පසුව ඉතා වටිනා ගජමුතු බවට පත්වන්නේ මේවාය.ජිවිත කාලය පුරාවටම මුඛයේ දත් කුට්ටම් හයක් ඇතිවේ. එක් දත් කුට්ටමක් අවුරුදු 10 පමණ කාලයක් මුඛයේ පවතී. අවසාන දත් කුට්ටම වැටි ගිය පසු ආහාර සපිමට ඇඹරීමට නොහැකිව අලින් මිය යන අවස්ථා ද තිබේ.
විශාල ශරීරයක් තිබුනද අලියාගේ ඇස් දෙක ඉතා කුඩය. අලියාට ඉතා දියුණු පෙනුමක් නැත. නමුත් ඉතා හොඳින් ඉව දැනෙයි. උණුසුමට අකමැති වීමත් , ඇස් පෙනිමේ දුබලතාවය හා හොඳින් ඉව දැනීම යන හේතු නිසා අලියා නිශාචර දිවියකට වැඩි කැමැත්තක් දක්වයි.
අලින්ගේ සම සංවේදී ඉන්ද්‍රියකි. එය සිරුරේ සමහර තැන් වලදී සිනිදු වන අතර සමහර තැන වලදී ඝන වේ. කන්වල සම ඉතා සිනිදුය. සිනිදු හා රළු ලොම් සිරුර පුරා තැනින් තැන විසිරි පවතියි. අලියෙකුගේ වලිගයේ ඇති ලොම් අලියා වැඩෙන විට ක්‍රමයෙන් ඝන වී අවසානයේ ප්ලාස්ටික් කෙන්දක් මෙන් ඝන තත්වයට පත්වේ.අලින්ගේ පාද අනෙක් සතුන්ගේ පාද වලට වඩා වෙනස්ය. අලින්ගේ පාද සකස් වී ඇත්තේ ශරීරයේ බර දරා ගැනීමට හැකිවන ලෙසයි. එමෙන්ම පාද වල අස්ථි ඉතා ශක්තිමත් වේ. පතුල තද හා දැඩි ස්වභාවයක් ගනී. පතුලේ පැලුම් හා රේඛා සටහන් දැකිය හැකිය. මෙය ගල් උඩ නැගීමේදී හා කඳු බෑවුම් මත ලිස්සා යාම වලක්වා ගැනීමට උපකාරී වේ. විලුඹ කොටස කොට්ටයක් මෙන් විශාල වී සැකසී තිබේ. මේ නිසා සිරුරේ බර දරා ගැනිමටත් බොහෝ දුර ඇවිද යාමටත් හැකියාව ලැබී තිබේ.
කන් ඇසීමේ හැකියාව අතින් අලියාට සුවිශේෂී තැනක් හිමිවේ. මේ කන් සැකසී ඇත්තේ අවට ඇති ශබ්ධ 
තරංග හැකිතාක් කන් තුලට යොමුවන ලෙසටයි. මේ නිසා කිලෝමීටර් 3 , 4 පමණ ඈතින් ඇසෙන යම් ශබ්ද පවා ඉතා හොඳින් ඇසීමේ ශක්තිය අලියාට ඇත. එමෙන්ම ශරීර උෂ්ණත්වය පිට කිරීමේදීද කන් වැදගත් කාර්යක් ඉටු කරයි. අලින් නිතරම කන් සෙලවීම හරහා රුධිරයේ ඇති උෂ්ණත්වය කනේ සම හරහා භාහිර පරිසරයට විහිදේ.
අර්ධ ජලජ සත්වයෙක් වන අලියා දිනකට පැය කිහිපක් දියට බැස කාලය ගත කරයි. අලින්ගේ සිරුරේ විශාල මාංශ පේශි ක්‍රියාකාරිත්වය නිසා විශාල උෂ්ණත්වයක් ඇතිවේ. එම ශරීර උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා දියට බැස සිටීමත් දහවල් කාලයේදී ක්‍රියාශීලි නොවීමත් සිදු කරයි.සම්පුර්ණයෙන්ම ශාක භක්ෂක සතෙක් වන අලියා දිනපතා ආහාරයෙන් 70% පමණ අඩංගු වන්නේ විවිධ තණකොළ වර්ගයි. දිවුල් වැනි පලතුරු වර්ගද පොල් කොළ , කිතුල් , අන්නාසි , කෙසෙල්බොඩ හා කෙසෙල් ගෙඩිද අලින්ට රසවත් ආහාර වේ. වට්ටක්කා , පුහුල් , පැණි කොමඩු , කුරක්කන් , බඩ ඉරිගු වලටද වැඩි කැමැත්තක් දක්වයි.  
අලින් හැසිරවීම සඳහා අලින්ටම වෙන්වූ භාෂාවක් ඇත. එයින් කිහිපයක් මෙසේය.දෙරි තෙත්තන් - අරගෙන පස්සට පලයන්අලියා දෙරි - ගනිංඅලියා හිඳ - නිදා ගනිංමොහො දහ - මේ පැත්තට වරෙන්අලියා පුරු - පෙරලන්නඅලියා දහ ඉඩ - අයින් වෙලා පලයන්අලියා පුරු උදරි - හොඩය උස්සා තල්ලු කරපන්අලියා හරුව - විසි කරපන්අලියා බිලමා - පාගපන්අලියා පිචන් - නිකා හිටහන්අලියා දන - අලියා දනගහපන්අලියා දහ - යමන්අලියා හෝවා - නැවතියන්අලියා බිල බිමල පුරු - කකුල උස්සපන්
අලි කෙඳි වලටද වෙළඳපොල තුල විශාල ඉල්ලුමක් පවතී. කෙඳි සහිත පළඳනා පැළඳීමෙන් ජිවිතයට වාසනාව ලඟා වන බවට ඇති විශ්වාසය මෙයට හේතුවයි. මෙදු හා අත් පළඳනා වලට අලි කෙඳි භාවිතා කරයි.
වර්තමානයේ අලි මිනිස් ගැටුම හේතුවෙන් අලියා වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. අද වන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා වසරකට අලි ඇතුන් 75 ත් 80 ත් අතර ප්‍රමාණයක් මිය යයි. වර්ෂ 1800 දී 25000 කට වඩා වැඩි ගණනක් සිටි අලි 1900 වන විට 12000 පමණ විය. 2000 වන විට 3500 පමණ දක්වා අඩු වී ඇත.
ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුල අලියා වන්දනාවට පාත්‍ර විය යුතු සත්වයෙක් බවට පත් කර ගත්තේද මිනිසාය. එම අලියා විනාශ කර දැමීමට මැදිහත් වන්නේද මිනිසාය. මෙම සම්පත රැක ගැනීම සඳහා තම දායකත්වය දැක්වීමට කාලය එළඹ ඇත.

අන්තර්ජාලය ඇසුරින්

9 comments:

  1. අලි තොරතුරු ගෙන දෙයි විසිතුරු

    ReplyDelete
  2. සුපිරි විස්තර ටික දන්නේ නැති ගොඩක් දැන ගත්තා thanks create page admin

    ReplyDelete
  3. අලියා ට දැරිය හැකි උපරිම සංඛ්‍යාතය කීයටද ?

    ReplyDelete
  4. අලියා ට දැරිය හැකි උපරිම සංඛ්‍යාතය කීයටද ?

    ReplyDelete
  5. අලියාගේ අස්ථි ගණන කීයද

    ReplyDelete
  6. අපි අලියා ගැන අදම තමා මෙච්චර විස්තර දැන ගත්තෙ ✌️

    ReplyDelete
  7. අලියාගේ ජල ප්‍රතිශතය කොපමණද

    ReplyDelete